'සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේදී' ඇමෙරිකාවේ ලාස් වේගාස්හි සැන්ටා බාබරා නගරයේ ඓතිහාසික ලොබෙරෝ රඟහලේදී පසුගිය 23 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්විණි. මෙය දෙවැනි වරට පැවැත්වෙන සම්මාන උළෙලකි.
එම උළෙලේදී ශ්රී ලංකාව නියෝජනය කළ සංජය නිර්මාල්ගේ 'සීඩ්ස්' චිත්රපටය සම්මාන දෙකක්ද අෆ්දිල් අසීස් අධ්යක්ෂණය කළ 'ද ජීනියස් ඔෆ් ද ප්ලේස්' චිත්රපටයට සම්මාන දෙකක් හිමි විය.
ඒ අනුව හොඳම සංස්කරණයට හිමි සම්මානය පෝල් වූ සහ හැග්ඩන් බ්ලාස්ට්, හොඳම නිර්මාණ නිෂ්පාදක සම්මානය සුනෙත් මාලිංග ලොකුහේවාට, උළෙලේ ග්රෑන්ඩ් ප්රික්ස් සම්මානය අෆ්දෙල් අසීස්ද හිමි කරගෙන තිබේ.
මෙවර මෙම උළෙල සඳහා රවිඳු ප්රනාන්දුගේ 'පියෙතා' කෙටි චිත්රපටයද තරග වැදුණ අතර චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ස්පාඤ්ඤය රටවල නිර්මාණද සම්මාන තරඟයට ඉදිරිපත් වී තිබිණි.
ඡායා : Ceylon International Cinema Festival https://ceyiff.com/