බොලිවුඩයේ ජනප්රිය නළු විකී කෞෂාල් සිය මීළඟ චිත්රපටය සෑම් බහදූර් එළිදැක්මට ඉතිරි තවත් මසක් පමණක් බව සඳහන් කරමින් චිත්රපටයේ නව පෝස්ටරයක් පළ කර තිබේ.
එළඹෙන දෙසැම්බර් 1 වැනිදා මෙම චිත්රපටය රිදී තිරයට ගෙනෙන අතර විකී මෙම චිත්රපටය තුළ සැබෑ හමුදා සෙබළුන් සමග රඟපා ඇත.
සෑම් බහදූර් හැටියට හඳුන්වන ඉන්දියාවේ පළමු ෆීල්ඩ් මාෂල් වන සෑම් මනේක්ෂෝ ඉන්දීය හමුදා සෙබලාගේ චරිතය ඇසුරින් නිකුත් කළ චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය මීට පෙර එළිදක්වනු ලැබිණි.
විකී කෞෂාල් මෙහි ප්රධාන චරිත නිරූපණය කරන අතර ඉන්දිරා ගාන්ධි ලෙස මෙහි ෆාතිමා සනා සහ සැම් මනේක්ෂෝ බිරිඳ ලෙස සාන්යා මල්හෝත්රාද පෙනී සිටියි.
2018 රාසි චිත්රපටයෙන් පසුව මේඝ්නා ගුල්සාර් සහ විකී කෞෂාල්ගේ දෙවැනි චිත්රපටය ලෙස මෙම චිත්රපටය සඳහන් වේ.
විකී කෞෂාල් මේ ගැන පවසන්නේ ෆීල්ඩ් මාෂල් සෑම් මනේක්ෂෝගේ චරිතය නිරූපණය කිරීම තමන්ට විශාල ගෞරවයක් සහ විශාල වගකීමක් බවයි.