හැරී හවුඩිනි නම් යනු ඇමරිකාවේ විසූ මැජිකකරුවෙක් සහ ගැලවීමේ කලාකරුවෙකි. මුල් නම එරික් වීස් වූ හවුඩිනි සිය ඉන්ද්‍රජාල කටයුතුවලින් කීර්තියක් ලද අයකු බව ඇමරිකාව තුළ ඉතා ප්‍රසිද්ධය.
හංගේරියාවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වී විස්කොන්සින් ප්‍රාන්තයේ ඇපල්ටන්හි පදිංචි වූ රබ්බිවරයෙකුගේ පුතෙඅකු වූ හවුඩිනි සර්කස්වල ඉහළින් එල්ලෙන වැල් මත ක්‍රීඩා කරන ට්රැපීස් නළුවෙකු විය. ඇගේ බිරිඳද බියට්‍රිස් යන ඇගේ අන්වර්ථ නාමයෙන් පෙනී හිඳිමින් හවුඩිනීගේ සර්කස් කටයුතුවලට සහාය වූ අයෙකි. දෑත් විලංගු, ලණු සහ මාංචු දමා කිරි ටින්, මිනී පෙට්ටි දක්වා විවිධ අඟුලු දැමූ බහාලුම්වලින් ද්‍රව්‍ය ඉවත් කිරීමේ දස්කම් දැක්වූ කීරිතිමත් ඉන්ද්‍රජාලිකයෙකි. වරක් ඔහුව දම්වැල්වලින් විලංගු දමා අඟුලු දමා, ලණුවකින් හා බරින් යුතු පෙට්ටියක තබා, බෝට්ටුවකින් ගිල්වීමෙන් අනතුරුව ඔහු දිය යට සිට නිදහස් වී ආපසු පැමිණි අයෙකි. 1923දී ඔහු ආමාශගත රෝගයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගත් බව 'බ්‍රිටනිකා' වාර්තා කරයි.