ටයිටැනික් නැව 1912දී ගිලී යාම කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කළ ලෝක ප්‍රසිද්ධ ආදර කතාව ටයිටැනික් චිත්‍රපටය 1997දී එළිදැක්වීමෙන් අනතුරුව ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස රසික හදවත් තුළ නිදන් විණි.
මෙම චිත්‍රපටය පළමු වරට තිරගත වීම සිදු වූයේ ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදීය. ඒ 1997දිය.
ජේම්ස් කැමරන් අධ්‍යක්ශණය කළ චිත්‍රපටය දශකයකට වැඩි කාලයක් තුළ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ අතර එහි ආරම්භ වන්නේ නෞකාව ගිලී ගිය විට නැති වූ බව කියන දැවැන්ත නිල් දියමන්තියක් ගැන සඳහන් කෙරෙමිනි. 'හාට් ඔෆ් ද ඕෂන්' ලෙස හැඳින්වෙන මැණික් සහිත මාලයක් පැළඳි කාන්තාවකගේ චිත්‍රයක් ඇතුළු කඩදාසි කිහිපයක් අඩංගු සේප්පුවක් සොයා ගත් රූප සටහනක් රූපවාහිනියේ විකාශය වීමෙන් පසුව වයස්ගත කාන්තාවක් (ග්ලෝරියා ස්ටුවර්ට් චරිතය රඟපායී මේ වස්තුව ගවේෂණය කරන කණ්ඩායම හා සම්බන්ධ වීමෙන් චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්රණය වෙයි.