ඉන්දීය ප්‍රහසන සිනමාවේ සලකුණක් වන 'හීරා පේරි' හින්දි චිත්‍රපටයේ පරේශ් රාවල්, අක්ෂේ කුමාර් සහ සුනිල් ෂෙට්ටි නළුවෝ කිසිදු රසිකයකුට අමතක නොවන චරිත මැවූහ. එහිදී සිය සම නළුවන් දෙදෙනා යනු ඉතා සුරක්ෂිත හැඟීමක් සැපයූ නළුවන් හැටියට තමන් සලකන බව හීරා පේරි හි රඟපෑ ජ්‍යෙෂ්ඨ නළු පරේෂ් රාවල් පසුගියදා ප්‍රකාශ කර ඇත.
හින්දි සිනමාවේ දුෂ්ඨ, ප්‍රහසන භූමිකාවලට බෙහෙවින් අවධානය දුන් චරිතාංග නළුවෙකු වන පරේශ රාවල් සිය කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 240කට අධික සංඛ්‍යාවක පෙනී සිටි සම්මානනීය නළුවෙකු වේ. හීරා පේරි මේ අතර බොහෝ දෙනා පිනවූ චිත්‍රපටයක් විය. 'මොහරා' හින්දි චිත්‍රපටයේ එකට රඟපෑ මේ නළුවන් හීරා පේරී හි රඟපෑ ආකාරය ඇතැම් විට විස්මයද උපදවයි.
ඉන්ඩියා ටුඩේ සමඟ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් රාවල් පවසා තිබුණේ චිත්‍රපටයේ රඟපාන සමයේදී මෙන්ම තමන් තිදෙනාගේ සම්බන්ධය එලෙසින්ම තවමත් පවතින බවයි. හීරා පේරීට පසුව තිදෙනා තවත් චිත්‍රපටවල රඟපෑම සිදු කළද ඒවා තිදෙනාටම එකවර අවධානය ලබා දෙමින් ජනප්‍රිය වූ ඒවා නොවේ.
"අපි කලාකරුවන් ලෙස, මිනිසුන් ලෙස සහ මිතුරන් ලෙස එකිනෙකාට ගරු කරනවා. ඔවුන් දෙදෙනාම සුරක්ෂිත හැඟීමක් ගෙන දෙන නළුවන්. ඒ වගේම අපි දන්නවා අපි කරන්න ඕන දේ." රාවල් පවසා තිබේ.
හීරා පේරී දෙවැන්න ලෙස 2016දී 'ෆිර් හීරා පේරී' ප්‍රදර්ශනය කෙරිණි. රාවල් එහි බාබුරාඕ ගන්පත්ර ආප්තේගේ චරිතය නැවත නිරූපණය කළේය. දෙවැනි කතාව නිසැකවම 'මුන්නාඹායි' වැනි වෙනස් අනුප්‍රාප්තිකයක් විය යුතු බව එහිදී ඔහු පවසා තිබේ.
හීරා පේරී - 'රජ හොරු' නමින් සිංහල චිත්රප්ටයද එයින් පසුව නිකුත් කෙරිණි.