"පශ්චත්තාපී මානව අධ්‍යාත්මයේ චිත්ත සංවේදී රූප සංධ්වනිය" යනුවෙන් නම් කළ ‘ස්වර’ චිත්‍රපටය නුදුරේම ප්‍රේක්ෂක රස වින්දනයට ගෙන ඒමට නියමිතය.
සංජය නිර්මාල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ යෝරැන්ඩා වීරසිංහ සහ නීටා ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරනු ලැබූ, ප්‍රභාත් රොෂාන් කැමරාකරණයෙන් දායක වූ 'ස්වර' ඉන්දියාවේ පස්වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී සම්මාන හිමි කරගත් චිත්‍රපටයකි.
උලෙළ සඳහා රටවල් 90ක් නියෝජනය කරමින් චිත්‍රපට 274ක් ඉදිරිපත් කර තිබිණි. එම චිත්‍රපට කෙරෙන් ලෝකයට පොදු පණිවුඩයක් ලබාදෙන ජූරියේ විශේෂ සම්මානය ස්වර චිත්‍රපටය දිනාගෙන ඇත.