'දෙවියන් මනුෂ්‍ය වර්ගයා බේරාගනියි' යන වැකිය සඳහන් කරමින් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියක වන කීර්ති සුරේෂ් සිය සහෝදර නිළියක වන රශ්මිකා මන්දනා සම්බන්ධයෙන් වන මතභේදාත්මක තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසු වන බවක් පෙන්නුම් කර තිබේ.
ඒ රශ්මිකාට තමන් සහයෝගය දක්වන බවද සිය සටහනින් පෙන්වා දෙමිනි.
රශ්මිකා පෙනී සිටින බව දක්වමින් ව්‍යාජ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වීමෙන් පසුව කීර්ති එම වීඩියෝව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.
මෙම සිදුවීමෙන් පසුව දකුණු චිත්‍රපට කර්මාන්තයේ මෙන්ම බොලිවුඩයේ ජනප්‍රිය තරු කිහිපයක්ද රශ්මිකාට සහයෝගය ලබා දෙන බව පෙන්වූ අතර කීර්ති සුරේෂ්ද එම පියවර අනුගමනය කර තිබිණි.
“මේ පළ කර ඇති ව්‍යාජ වීඩියෝව භයානක එකක්. මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා මේක කරපු කෙනාට ඒ කාලය ඵලදායී දෙයක් කරන්න යෙදවීමට මිසක අනෙකුන්ව කම්පා කිරීමට යෙදවීමට හැකි නොවේවා කියා. විකාරරූපී දේ නොව ආදරය, ධනාත්මක බව, දැනුවත්භාවය සහ තොරතුරු පතුරුවා හැරීම සඳහා පමණක් මෙම වේදිකාව පුළුල් ලෙස භාවිතා කරමු."කීර්ති සඳහන් කර ඇත.
රශ්මිකා මේ වන විට රන්බීර් කපූර් සමග 'ඇනිමල්' චිත්‍රපටයේ කාර්යය සඳහා කැපවී සිටින්නීය.