මෝස්තර නිර්මාණකරුවන්ගේ බෑග් සහ සපත්තු කිහිපයක් හිමි වුවද මෝස්තරකරුවන්ගේ විවිධාංග සහිත ඇඳුම් ඇඳීමේ සංකල්පය හාස්‍යජනක ලෙස තමන් දකින බව බොලිවුඩයේ ජනප්‍රිය නිළි සාරා අලි ඛාන් පවසන්නීය.
ඉන්දියාවේ 'කොෆි විත් කරන්' වැඩසටහනට සහභාගි වෙමින් සාරා එහිදී පවසා ඇත්තේ මෝස්තරකරුවන්ගේ ඇඳුම් 'විකාර' (රිඩික්ලස්) හැටියට තමන් දකින බවය.
වැඩසටහනට සහභාගි වූ සාරා අලි ඛාන් සහ අනන්‍යා පාණ්ඩේගේ පෙනුම, හෙළිදරව් කිරීම් සහ විනෝදාත්මක කථා කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණි.
සාපේක්ෂව සුවපහසු විලාසිතා තේරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන සාරා නිර්මාණකරුවන්ගේ ඇඳුම් පිළිබඳව ඇගේ අදහස පවසා ඇත්තේ එහිදීය. නිර්මාණකරුවන්ගේ බෑග් සහ පාවහන් හිමිකාරිනියක් වුවද නිර්මාණකරුවන්ගේ ඇඳුම් ඇඳීමට ඇය අකමැති අතර පෞද්ගලිකව තමන්ට එය තරමක් විකාරසහගත බවය.
ගුවන්තොටුපලට යෑම සඳහා පමණක් 'බ්ලෝ-ඩ්‍රයි' කර ගැනීමට තමන් නොයන බවත් එවැනි ක්‍රියාවන් හාස්‍යජනක ලෙස සලකන බවත් සාරා පවසා තිබේ.