Junior NTR රඟපාන දේවාරා චිත්‍රපටය ශිවා කොරතලා විසින් අධ්‍යක්ෂණය කරන ලැබීමෙන් පසුව එය එළි දක්වන දිනය හා නළු නිළියන් ගැන පවා දැන්ගැනීමට සිනමා රසිකයින් බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් පසු වෙන අතර නිශ්පාදන කණ්ඩායමද එයට ගැලපෙන විශිෂ්ට නිර්මාණයක් ලබා දෙන බව පොරොන්දු වී තිබේ.
කොටස් දෙකකින් යුත් චිත්‍රපටයක් ලෙස සකස් කර ඇති චිත්‍රප්ටයේ පළමු කොටස 2024 අප්‍රේල් 5 වැනිදා නිකුත් කිරීමට සැලසුම් කර ඇත. 2016 වසරේ ශිව කොරතලා සමග කළ 'ජන්තා ගරාජ්' චිත්‍රපටයෙන් පසු මෙය නළුවා සහ අධ්යක්ෂ දෙපලගේ දෙවැනි චිත්‍රපටය වේ.
Junior NTRගේ මුත්තණුවන් වන තෙලිඟු සිනමාවේ සදාතන සුපිරි තරුව වන NTR සහ ජාන්වීගේ මවද සම නළු නිළියන් ලෙස එක්ව වැඩ කළ ශිල්පීන් වන අතර NTR සහ ශ්‍රී දේවිය අතර වයස පරතරය අවුරුදු 40ක් වුවත් ඇය එක් චිත්‍රපටයක හැර NTR සමග කළ සෑම චිත්‍රපටයකම ඔහුගේ පෙම්වතිය ලෙස රඟපෑවාය.
සුපිරි තාරකා යුගලයක ජානගත රංග ස්වරූපය දේවාරාහි දැකීමට එහෙයින් දකුනු සිනමාවේ රසිකයෝ එහෙයින් බෙහෙවින්ම අපේක්ෂා කරති.
පුවත්
Junior NTR ශ්‍රී දේවියගේ දියනිය සමගින් එන 'දේවාරා'
-
Category
පුවත් -
Hits
302 times