ජනප්‍රිය නිළි සමන්තා රූත් ප්‍රභූ ඇගේ නිරූපණ රැකියාව කළ දින සහ අරගලකාරී වකවානුව ගැන 'එය ඉතා දුෂ්කර කාලයක්' බව පවසමින් හෙළි කර තිබේ.
දශකයකට වැඩි කාලයක් සිනමා වෘත්තීය ජීවිතය තුළ දකුණු ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ වඩාත්ම ඉල්ලුමක් ඇති දක්ෂ නිළියන්න් අතරින් එක් අයකු ලෙස මේ වන විට තහවුරු වී අවසන්ය. ඉන්දියාවේ හාපර්ස් බසාර් සමඟ මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවක මෙම නිළිය ඇගේ නිරූපණ කටයුතු කළ දින සහ චිත්‍රපට තරුවක් වීමට පෙර මුහුණ දුන් සිය දුෂ්කරතා ගැන විවෘතව කතා කර තිබිණි.
ජීවිතයේ දුෂ්කර වූ අවස්ථාවක නිරූපිකාවක් වීමට ලැබීම තමන්ට අරමුණක් හිමි වූ අවශාවක් බව සමන්තා පවසා තිබිණි.
ඉන්දියාවේ නිවසක ඕනෑම සාමාන්‍ය ළමයෙකුට මෙන්ම තම අධ්‍යාපනය කෙරෙහි අවධානය සැමවිටම යොමු වූ අතර තමන් වෙහෙස මහන්සි වී ඉගෙනීමට ආදරය කළ දරුවන්ගෙන් කෙනෙකු බව සමන්තා පවසා තිබිණි. තම ජීවිතයේ රංගනය යනු විකල්පයක් නොවූ බවද ඇය ප්‍රකාශ කර තිබුණාය.
කෙසේ නත්, අධ්‍යාපනයට පසුබිම නොහැදුන තැන ඇයට නිරූපණය ඉලක්කයක් වී තිබිණි. එහි සිත්ගන්නා කරුණ වන්නේ සමන්තා ආරම්භයේදී නිරූපණය සඳහා ඉතාම අදක්ෂ වූ තැනැත්තියක වීමයි. නමුත්, එසේම එසේම සිටියේ නම් තමන් මේ වන විට වෘත්තීයේ නොවන බවද සමන්තා ප්‍රකාශ කර තිබිණි.
නිරූපණ වෘත්තීය ආරම්භක සමයේදී තමන් පෙනී සිටි වෙළඳ දැන්වීමක් හෝ වෙනත්ක් අංගයක් දුටු සෑම විටම නාලිකාව වෙනස් කිරීමට පවා තමන් දිව යන බවත් සමන්තා හෙළි කර තිබිණි.
විජය දේවරකොන්ඩා සමඟ අවසන් වරට කුෂිහි රඟපෑ සමන්තා රූත් ප්‍රභූ ත්‍රාසජනක කතා මාලාවක් වන 'Citadel' රූගත කිරීම් අවසන් කර සිටින්නීය.