වේදිකාව, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගීත ගායනය, ගීත රචනය ආදී කලා ක්ෂේත්රයන්හි ප්‍රවීණ කලාකරුවන් සඳහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීම අද (10) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව කලාකරුවන් සඳහා සාම විනිසුරු පදවි පිරීනැමීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව මෙරට කලාව වෙනුවෙන් සිය දායකත්වය දැක්වු කලාකරුවන් 120 දෙනෙකු සදහා පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනැමීම මෙහිදී සිදු විය.