පෙරදිග ශෘංගාරය අපරදිගට ගෙන ගිය
අතීතයේ බිහි වූ සර්වකාලීන ප්‍රේම වෘතාන්තය
බැතිබර ප්‍රේමයක සොඳුරු හැඩරුව පැහැදුල්ව දකින්නට..
නොවැම්බර් 18 වන දින සවස 3.30 - 7.00ට එල්ෆින්ස්ටන් රගහලට ගොඩ වදින්නට ඔබට කෙරෙන ආදරණීය ආරාධනාව
මෙසේ ලියා තැබුණේ සිනමා, වේදිකා සහ වේදිකා නාට්‍ය අධ්යක්ෂ පරාක්‍රම නිරිඇල්ලගේ ෆේස්බුක් ගිණුමේය.
චාරුදත්ත නම් බමුණෙකු සහ වසන්තසේනා නම් අභිසාරිකාවකගේ චරිතය වටා නිමැවුණු කතා මාලාවක් වන මැටි කරත්තය ඇසුරින් මෙය නිර්මාණය වී ඇත.
ශුද්‍රක නම් රජු විසින් සංස්කෘත බසින් රචිත 'මෘච්ඡකටිකා' නම් නාට්‍යයේ සිංහල පරිවර්තනය ඇසුරෙන් මැටි කරත්තය සිංහලට පරිවර්තනය කරනු ලැබුවේ පියදාස නිශ්ශංකයන් විසිනි.