ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදයට වර්ෂ දෙකක් සම්පූර්ණ වීම හේතුවෙන් මුල් වසර දෙක සඳහා වූ විධායක කමිටුවේ නිල ධුරර කාලයද අවසන් විය.
නව විධායක කමිටුවක් පත් කරගැනීම සඳහා වූ මහා සභා රැස්වීම ඉකුත් ඔක්තෝබර් 27 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්විණි.
මේ සඳහා සිනමා සහ ටෙලිවිෂන් ක්ෂේත්‍ර නියෝජනය කරමින් තිර රචකයින් රාශියක් සහභාගි වූ අතර සිනමා ක්ෂේත්රය සහ ටෙලිවිෂන් ක්ෂේත්රය නියෝජනය කරමින් එම ක්ෂේත්‍ර දෙකේ ප්‍රවීණයන් දෙදෙනෙකුට ගෞරව සම්මාන පිරිනැමීම මෙහිදී වූ සුවිශේෂිතම සිදුවීම විය.
සිනමා ක්ෂේත්රය නියෝජනය කරමින් ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සහ තිර රචක චන්ද්‍රන් රත්නම් මහතා පිදුම් ලැබීය.
ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තරය සමඟ ඒකාබද්ධ කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් සහ තාක්ෂණික භාවිතයෙන් පරිපූර්ණ සිනමා නිර්මාණ රාශියක් නිර්මාණය කළ චන්ද්‍රන්රත්නම් මහතා ශ්‍රී ලාංකීය සිනමා තිර රචකයෙකු ලෙස දශක ගණනාවක් තිස්සේ ක්ෂේත්රයට කළ සේවය මෙහිදී අගය කෙරිණි.
රූපවාහිනී ක්ෂේත්රය නියෝජනය කරමින් මෙකී ගෞරව සම්මාන සාමාජිකත්වයෙන් පිදුම් ලැබූයේ නීතීඥ ඩග්ලස් සිරිවර්ධන මහතායි. ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය කලාවට අනන්‍ය වූත් අද්විතීය වූත් ස්වරූපයක් ලබා දීම වෙනුවෙන් තිර රචකයෙකු ලෙස එතුමාගේ දායකත්වය මෙහිදී ඇගයීමට බඳුන් කෙරිණි.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු