ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ ලේඛකයකු වන දඹේගොඩ ජිනදාස මහතාගේ 'බැබිල මල්' කාව්‍ය සංග්‍රහය නොවැම්බර් 19 වැනිදා එළිදක්වීමට නියමිතය.
"ඔහු මහපොළොවට බැබිල මලක් සේ සමීපයි. අපට බැරි වුණා මේ පොත කවියා අතට දෙන්න. පැල්වත්තේ ඔහු වැඩ කළේ සීනි කම්මලේ. වෙල්ලස්සෙ ඉඩම් මංකොල්ලකරුවන් සීනි තිත්ත කරද්දි, බිම්බරක් සෙනඟ අතරේ රත්න ශ්‍රී විජේසිංහ, නිශ්ශංක විජේමාන්න සමග සිටි පුංචි මිනිහෙක් දඹේගොඩ අයියා. අපි එනවා 19 දා ආනපල්ලම ගෙදරට." යනුවෙන් කෘතියේ දොරටවැඩීම ගැන සටහන් කර තිබුණේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාය. දඹේගොඩ ජිනදාසයන් පසුගිය අගෝස්තු මසදී අභාවප්‍රාප්ත විය.