ප්රවීණ සංගීතඥ රෝහණ වීරංහ මහතා සංගීතවත් කළ, කුමාරදාස සපුතන්ත්රීන් විසින් විරචිත, සුනිල් එදිරිසිංහ මහතා ගායනා කළ 'පාට දේදුනු සේදිලා' ගීතය යළි ගායනා කළ චනුප දේශිත යොවුන් ගායකයා ගීතයේ මුල් අයිතිකරුවකු වන රෝහණ වීරසිංහයන් විසින් පසසනු ලැබ තිබේ.
තම ගීත රියැලිටි තරඟ සඳහා තෝරාගැනීම අගය කරමින්ද මෙම පාට දේදුනු ගීතය යළි ගැයීම පිළිබඳවද රෝහණ වීරසිංහ මහතා ප්රශංසා කර තිබේ.
නවක ගායකයින් පැරණි ගීත ගැයීම හෙළා දකින ඇතැමුන් සිටින යුගයක රෝහණ වීරසිංහ මහතාගේ මෙම නිහතමානී ගුණය ඉතා වටිනා ආදර්ශයක් වන අතරම පැරණි ගීතයක රස නොනසා තවත් රසවත් කිරීමේ ගුණය සහිත චනුපගේ ගුණයද ඉතා දුර්ලභ ලෙස දක්නට ලබෙන තත්ත්වයකි.
"රියැලිටි තරග සදහා බොහෝ නාලිකා තුල ගී ගයන යොවුන් පරපුරේ තරගකරුවන් මගේ ගී තනු තෝරාගැනීමට පෙළඹීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා මෙන්ම ඔවුනට මගේ ආශීර්වාදයද පිරිනමනවා. චනුප දේශිත යොවුන් ගායන ශිල්පියාද රසික ප්රසාදය ඉහළින්ම දිනාගත්තේ මේ 'පාට දේදුනු' ගීතය එවැනි රියැලිටි තරගයක ගයමින් බව ඔබට මතක ඇති.
ඒ ගීතය නව මුහුණුවරකින් සංගීතවත් කරන යොවුන් සංගීතවේදී ඒශල් පෙරේරාද නව මිහිරක් ඊට ලබා දෙනවා. චනූපගේ ගායනයද මම අගය කරනවා." රෝහණ වීරසිංහ මහතා සඳහන් කර තිබේ.