අභිෂේකා විමලවීර ගායනා කළ අලුත්ම ගීතය 'දන්නවද ආදරේ නීතිය' ගීතය පදනම් වී ඇත්තේ ඓතිහාසික ගාල්ල, කොටුපවුර අසල පිහිටි මන්දිරයක සිදු වූ ඓතිහාසික මරණයක් සම්බන්ධයෙන් වන බව ගීත වීඩියෝවේද සඳහන් වේ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත්ව සිටි කාලයේදී එනම්, 1967දී සිදු වූ මරණයක් මුල් කොට කියැවුණ 'බිලිං අච්චාරු නඩුව' යනුවෙන් හැඳින්වූ ඓතිහාසික නඩුවක් හා පදනම්ව ලියැවුණ වෙනස් වර්ගයේ ගීතයක් බවට මෙය සැලකෙන්නේ සත්‍ය සිදුවීම තුළ මරණ දණ්ඩනය නියමව සිට අභියාචනයක සහායෙන් නිදහස් වන වෛද්‍යවරයාගේ පාර්ශ්වයෙන් ගැයෙන ගීතයද නිර්මාණය වීමයි.
සිදුවීම පදනම් කරගනිමින් එයට ආදර කතාවක ස්වරූපය දෙන අතර වින්දිතයාගේ මෙන්ම චූදිතයාගේද පාර්ශ්ව නියෝජනය කරන ගීතයක් වීම මෙහි ඇති විශේෂත්වයයි.
අභිෂේකා විමලවීර සහ මිහිඳු ආරියරත්න මෙම ගීතයේ එම පාර්ශ්ව දෙක නියෝජනය කරමින් ගීතය ගායනා කරයි.
අයිටීඑන් නාලිකාවේ The B Report වැඩසටහනේ මෙම සිදුවීමට අදාළ නඩුව පිලිබඳව විස්තරාත්මකව කොටස් වශයෙන් පළ කෙරිණි.