lan englan tam

පුවත්

දඹේගොඩ ජිනදාසයන්ගේ 'බැබිල මල්' එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ ලේඛකයකු වන දඹේගොඩ ජිනදාස මහතාගේ 'බැබිල මල්' කාව්‍ය සංග්‍රහය නොවැම්බර් 19 වැනිදා (ඊයේ) දින එළිදැක්විණි. කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ පුරෝගාමියකු වූ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙසේ සඳහන් කර තිබිණි.
බුත්තල ,ආනපල්ලම දී අද දොරට වැඩියෙ සුප්රකට කවියෙකු , මාධ්යවේදියෙකු වූ දඹේගොඩ ජිනදාස සහෘදයාගෙ පළමු කාව්ය සංග්රහය. මං රාමු කරලා අරන් ගිය මං කිසි දා හමු වී නැති කිවිඳුන්ගේ පින්තූරයට ඌවේ මහා සාහිත්යවේදීන් අත් එකතු කරලා මල් දමක් පැළඳුවා. දඹේ අය්යා අපට සමු දීලා අදට තුන් මසක්. අපි ප්රමාද යි. ඒ පොතේ අපූරු පිදුම දරා ගන්න බැරිව අක්කා හඬා වැටෙන කොට අපි සියලු දෙනාගේ දෑස් තෙත් වුණා .
සන්ථව පොතක් ලෙස බැබිල මල පිපුණා . Mahinda Prasad Masimbula කවියාට ස්තුතියි .ඊයේ Thimbiriyagama Bandara සොයුරා කළ ඉල්ලීම ඉටු කරන්න පවුලේ අය වගේ ම ජාතික ජනබලවේගයේ බුත්තල වැල්ලවාය සහෘදයන් මහන්සි වේවි . එනම්, දඹේගොඩ ජිනදාස මහතාගේ මහ පොත් ගුළ සේම සුවිසල් පේපර් කටින්ස් සම්භාරය , අත් ලිපි සහිත ලේඛන සංගෘහීතය මගින් ප්රාදේශික ජනමාධ්යවේදියෙකුගේ දිවිමග පිළිබඳ අධ්යයන කේන්ද්රයක් ඇරඹීම .
බදුලු යූ සර්කල් සාමූහිකය මේ පොතට මුල පිරුවා. අද රසවතුන් , ගම්වැසියන් රැසක් මැද පොත අප අතට පත් වුණා . දඹේගොඩ පද්මපානි බෝසතුන් අසලින් ම දඹේගොඩ කිවිඳුන් අසුන් ගෙන බලා සිටිනවා ඇති . නිශ්ශංක විජේමාන්න අන්තිමට ම කිව්වා . ඔව් . එහෙම වේවි .
මෙන්න මේ පිරිස ඇසුරු කරන්න අද මං වාසනාවන්ත වුණා . Saman Peramuna Nissanka Wijemanna Sudath Gamini Bandara Dulith Asoka Dadallage Dimuthu Samudra Piyankarage Bandula Jayaweera Sunil Kumara Gamage එච්. බී. ගුණරත්න , ගැමුණු පී. දසනායක , තරංග , රුවන් ඇතුළු වටිනා මිනිස්සු පොකුරක් .
Back to top
Go to bottom

Popular News