ඉන්දීය සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් වන අමිතාබ් බච්චන්ගේ සම්භාව්‍ය චිත්‍රපට කිහිපයක් ප්‍රංශයේ නැන්ටේස්හි පැවැත්වීමට නියමිත ෆෙස්ටිවල් ඩෙස් ත්‍රී මහාද්වීපයේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
සාත් හින්දුස්ථානි, ආනන්ද්, දීවාර්, අග්නිපාත්, පා, පිකු, ගුලාබෝ සිටාබෝ වැනි චිත්‍රපට ඇසුරින් නොමැකෙන වාර්තා තැබූ ඔහු මේ වන විට 81 හැවිරිදි වියේ පසු වෙයි.
ඔහු වෙනුවෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය 'බිග් බී ෆොර් එවෙර්' යනුවෙන් නම් කර තිබේ. නොවැම්බර් 24 සිට දෙසැම්බර් 3 දක්වා ප්‍රංශයේ ණන්ටෙස්හිදී ත්රිශූල්, අමර් අක්බර් ඇන්තනි, සත්තා පෙ සත්තා, ෂෝලේ, ඩොන්, කභී කභී, දීවාර්, කාලා පත්තර් සහ අභිමාන් ප්‍රදර්ශනය කෙරේ.
මීට අමතරව, ප්‍රංශ චිත්‍රපට නිෂ්පාදක සෙඩ්රික් ඩුපිරේ විසින් අමිතාබ් බච්චන් පිළිබඳ පර්යේෂණාත්මක වාර්තා චිත්‍රපටයක්ද රියල් සුපර්ස්ටාර් නමින් එළිදැක්වීමට නියමිතය.