චිත්‍රපටවලින් මේ දිනවල ලබා ඇති ජනප්‍රියකමට වඩා සමාජයේ ප්‍රශංසාව හිමි වන ආකාරයේ ක්‍රියාවක් හේතුවෙන් ජනප්‍රිය නිළි ට්‍රිශා ක්‍රිෂ්ණන් අවධානයක් ගෙන තිබේ.
ඉන්දියාවේ කාන්තා කොමිසම මන්සූර් අලි කහාන් කොලිවුඩ් නළුවා ට්‍රිෂා සම්බන්ධයෙන් කර ඇති නොහොබිනා ප්‍රකාශය ගැන මේ වන විට පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් කෘත්ඥතාව පළ කරමින් ඇය සටහනක් පළ කර තිබිණි.
ස්ත්‍රී දූෂණයකට අදාළ ප්‍රකාශයක් මෙම ක්‍රියාමාර්ග සඳහා හේතු වී ඇති අතර සමාජයේ බොහෝ දෙනෙකුගේ විරෝධය දැක්වීම්වලට එම ප්‍රකාශය හේතු විය. ස්ත්‍රී දූෂණ දර්ශන රූගත කළ අත්දැකීම් සම්බන්ධයෙන්ද නොහොබිනා ප්‍රකාශ මීට පෙරද කළ මෙම නළුවා සමග යළි කිසි දිනෙක වැඩ නොකරන බවද සපථ කර තිබේ.
ඉන්දීය කාන්තා කොමිසම පැමිණිල්ලකින් තොරවම ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයේ සාක්ෂි ඇතිව ඉලෙක්ට්‍රොනික මාදිලියෙන් ලිංගික හිරිහැර කිරීම හේතු දක්වමින් අදාළ නීති ක්‍රියාත්මක කරන ලෙස තමිල්නාඩු පොලිස් අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත.
නළුවාගේ ප්‍රකාශය ගැනද දැඩි කනස්සල්ල පළ කරමින් කොමිසම දැන් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් අදාළ නීති ක්‍රියාත්මක කරන ලෙස තමිල්නාඩු පොලිස් අධ්යක්ෂ ජනරාල්ට නියෝග කර ඇති බවත් කාන්තාවන්ට එරෙහි හිංසනය සහ හෙළා දැකිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.