ශ්‍රී ලංකාවේ සාහිත්‍ය තුළ සදානුස්මරණීය මෙහෙවරක් කළ මහගමසේකරයන්ගේ ප්‍රිය බිරිය කුසුමලතා මහගමසේකර මහත්මිය අද (21) වයස අවුරුදු 88ක් ආයු වළඳා සිය දිවි සැරිය නිම කළාය.
මුල් නාමය කුසුමලතා සුරවීර නම් වූ මහගමසේකර මහත්මිය මහගමසේකරයන් ජීවත්ව සිටි අවදියේදී ඔහුගේ සාහිත්‍ය ජීවිතය බෙදාගත් බිරිඳක වේ.
හංස ගීතය නම් නාට්‍ය රචනා කිරීමට පෙර මහගමසේකරයන් ඊට පෙර දිනයේ තමන් තමන් නාට්‍ය මනසින් දුටු බව බිරිඳ සමග කියූ බව ප්‍රසිද්ධ කාරණයකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක වූ ඇයද භාෂා හා සාහිත්‍ය ගුරුවරියක හැටියට සේවය කළ තැනැත්තියකි.
බොරැල්ල ජයරත්න මල් ශාලාවේ 'රෙස්පෙක්ට්' ශාලාවේ මහගසේකර මහත්මියගේ දේහය නොවැම්බර් 24 වැනිදා පෙරවරු 10:00 සිට තැන්පත් කරන අතර දේහය පිළිබඳව ආදාහන කටයුතු නොවැම්බර් 25 වැනිදා පෙරවරු 10:30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.