'කන්දක් සේමා' චිත්රපටය නැරඹූ ජනප්රිය නිළි නිල්මිණි තෙන්නකෝන්ගේ දියනිය ස්වේතා එම චිත්රප්ටයට ගැන සිය අදහස් ප්රකාශ කළාය.
කාන්තාවන් මුහුණ දෙන ඛේදවාචක සඳහා හැඩගැසෙන හැටි චිත්රපටයේ අන්තර්ගත වී ඇති බව ඇය ප්රකාශ කළය.
"මේ චිත්රපටය කතා කරන්නෙ කාන්තාවන් මුහුණ දෙන ඛේදවාචකයන් ගැනයි. මේ චිත්රපටයෙ ඇති සන්සුන්ව ගලා යාමේ ලක්ෂණය නිසා අපට හොඳින් පෙනෙනවා කාන්තාවන් වෙන කරන්න දෙයක් නැති නිසා තමන්ව අසාධාරණ ලෙස සලකන ලොවකට හැඩ ගැහිලා ජීවත් වෙන්න වෙර දරනවා කියලා. මේ චිත්රපටය හරිම විචිත්රයි, රඟපෑම් හරි ලස්සනයි. මම මේ චිත්රපටය බලලා හරි සතුටු වුණා. මම හිතනවා හැමෝම ඇවිත් චිත්රපටය බලලා මෙයින් කියන්න හදන දේ තේරුම් ගනීවි කියලා." යැයි ස්වේතා පැවසුවාය.
උපුටාගැන්ම : 'කන්දක් සේම' ෆේස්බුක් පිටුව