යාශ් රාජ් සමාගම හෙවත් YRF එන්ටර්ටේන්මන්ට් ඔවුන්ගේ මීළඟ පළිගැනීමේ නාට්‍ය මාලාව වන 'අක්කා' සඳහා ඉන්දියාවේ ජනප්‍රියතම නිළියන් වන කීර්ති සුරේෂ් සහ රාධිකා ආප්තේ තෝරාගෙන තිබේ.
පළිගැනීමේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙහි කීර්ති සහ රාධිකාගේ චරිත එකිනෙක ගැටෙන චරිත වන අතර දකුණු ඉන්දීය නිළියක වන කීර්තිගේ දෙවන හින්දි තෝරාගැනීම මෙය වේ. කීර්ති - වරුන් ධවාන් සමඟින් බොලිවුඩයට පිවිසීම නිවේදනය කර මාස කිහිපයකට පසු මෙම ප්රවෘත්තියද ඇගේ රසිකයින්ට සුබ එකක් වී ඇත.
'ද රේල්වේ මෙන්' සහ 'මැන්ඩලා මර්ඩර්ස්'වලින් අනතුරුව යාශ් රාජ් සමාගමේ තුන්වන වෙබ් කතා මාලාව වන්නේ අක්කා වේ.