මහා සිව රාත්රී දිනයේ ලාංකික සිනමා ඉතිහාසයේ මුල්වරට මෙරට සිනමාකරුවකු විසින් නිර්මාණය කරන ලද චිත්රපටයක් සිනමා ශාලා ප්රදර්ශනයකින් තොරව ටෙලිවිෂන විකාශයට එක් වේ. ඒ විමුක්ති ජයසුන්දර අධ්යක්ෂණය කරන ලද චත්රක් චිත්රපටයයි.
චත්රක් බෙංගාලි බසින් නිර්මාණය වී තිබීම ද විශේෂයකි. ලාංකික සිනමාකරුවකු ප්රථම වතාවට බෙංගාලි බසින් සිනමාපටයක් අධ්යක්ෂණය කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. රේඛාව සිනමාපටයෙන් පසු ප්රංශයේ කාන් සිනමා උලෙළ නියෝජනය කිරීමට වරම් ලද සුළඟ එනු පිණිස නිර්මාණය කළ විමුක්තිගේ නවතම චිත්රපටය වූ චත්රක් විනෝද් ලෝහ්ටිගේ නිෂ්පාදනයකි. පයෝලි සෑම්, සුදිප් මුකර්ජි, තෝමස් ලෙමර්කපස් මෙහි රංගනයේ යෙදෙයි. චන්න දේශප්රිය කැමරා අධ්යක්ෂවරයාය. රමග් ඩෙයිම් සංගීත අධ්යක්ෂණය කොට ඇත. ජුලි බසිවුගේ සංස්කරණයකි.