විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කරන ලද 'චත්‍රක්' චිත්‍රපටය අද දෙරණින් පෙන්වා සිටින්නට සිටියත් මේ මෙහොත වන විට එය විකාශනය කිරීමට අවිනිශ්චිත තත්ත්වයක් උදාවී ඇතැයි විමුක්ති ජයසුන්දර 'මිරර් ආර්ට්ස්' වෙත පවසා සිටියේය.
ඒ චත්‍රක් චිත්‍රපටය දෙරණ නාලිකාවේ විකාශනය කරන්නේ නම් බදු මුදලක් ගෙවන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ දැනුම්දීමක් සිදුකරඇත.
විමුක්ති ජයසුන්දර ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වා සිටියේය.
''ඡනමාධ්‍ය අමාත්‍යංශයෙන් නියෝගයක් කරලා තියනවා මේක පෙන්නන්න එපා මේකට ලක්ෂ දෙකක මූදලක ටැක්ස් එකක් ගෙවන්න කියලා. සාමාන්‍යයෙන් ටැක්ස් මුදුලක් ගෙවන්නේ විදේශ රටක චිත්‍රපටයක් පෙන්වීමේදියි. දෙරණ මේ සිනමා පටය පෙන්වීමට එකඟ උනේ වාණිජ්‍ය පරමාර්ථයෙන් නෙමෙයි. මෙය කලාත්මක චිත්‍රපටි ඝනයට වැටෙන්නක් මෙය මගේ ඉල්ලීම පරිදියි ඔවුන් මෙය විකාශනය කිරීමට එකඟ වුනේ. මේ වෙද්දි මේ බදු මුදල මගේ අතින් ගෙවන තත්ත්වයට පත්වෙලා තියනවා.මේක ඉතාම අසාධාරණ තත්ත්වයක්.
මේ වගේ සිද්ධිවලින් කියවෙන්නේ ශ්‍රී ලංකීකයන් විදියට ලෝකෙට ගිහින් වැඩ කරන්න එපා. චිත්‍රපට හදන්න එපා කියන එක තමයි ඡනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ නියෝගය හරහා කියන්න හදන්නේ. මේක නීතියේ තියෙන ලොකු දුර්වලතාවයක් විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට හරහා මෙරට කලාකරුවන්ට අසාධාරණයක් වන නිසයි ඔය කියන බදුමුදල ගෙන එන්න අපි උදව් කළේ. ඒ හරහා තමයි රන්මිණි තැන්න සහ කලාකරුවන්ගේ සුබ සාධනය සඳහා මුදලක් වෙන් කිරීමට හැකියවක් ලැබුණේ.
නමුත් මේ පවතින ආණ්ඩුව මේක පාවිච්චි කරනවා ලංකාවේ ඉන්න කලාකරුවන්ට විරුද්ධව. මේ චිත්‍රපටයේ මම තිර රචනය ලියලා මම අධ්‍යක්ෂණය කරපු එකක් ඒ වගේම චන්න දේශප්‍රිය තමයි කැමරාකරණයෙන් දායක වෙන්නේ.චිත්‍රපටයේ සම්පුර්ණ ප්රධානාත්මක නිර්මාණ අයිතිය තියෙන්නේ මට.
'මසං' චිත්‍රපටය රූපවාහිනියෙන් වරින්වර පෙන්නුව එකෙදී ගැටළුවක් වුනේ නැහැ. එහි අධ්‍යක්ෂකවරයා පිටරට කෙනෙක් නිශ්පාදකවරයත් පිටරට කෙනෙක්. නමුත් ලංකාවේ රූගත කරලා ලංකාවේ කතාවක් නිසා විකාශන කෙරුණා. මගේ චිත්‍රපටයටත් ඒ තර්කමය තමයි මට මේකට යොදන්න තියෙන්නේ. චත්‍රක් චිත්‍රපටයයේ අධ්‍යක්ෂකවරයා හා කැමරාකරණ ශිල්පියා ලංකාවේ. ඒ තත්ත්වය තුළ අනිවාර්යෙන් චිත්‍රපටයට සාධාරණ අවස්ථාවක් ලැබීය යුතුයි.
මේ වාරණය හරහා අනාගතෙය්දී මෙවැනි චිත්‍රපට නතරවෙන්න සූදනමක් පවතිනවා. දැනට අපි දන්නවා ශ්‍රී ලංකිකයන් ඉතා හොද චිත්‍රපට කරලා තියනවා විදේශ රටවල් පාදක කරගනිමින්. මේ විදියට ඒ චිත්‍රපටවලටත් මෙය බලපානවා. මේ දඩ මූදල් ගහන්න ඕනේ ඒ චිත්‍රපට බලලා. චිත්‍රපටයට ලංකාවේ සම්බන්ධයක් තියනවා නම් ඒ පිළිබඳ විදිමත් සොයාබැලිමකින් අනතුරුවයි මෙය කල යුතුවෙන්නේ.
ලංකාවේ නිර්මාණකරුවන් ඡාත්‍යන්තරයට ගිහින් වැඩ කරන එක දිරිමත් කිරීමයි කළ යුත්තේ. කකුලෙන් අඳින එක නෙමෙයි.මෙම චිත්‍රපටය සම්මානනීය චිත්‍රපටයක්. මේ දේවල් වලට උදව්කරනවා වෙනුවට දඩ ගහලා නතර කරනවා කියන්නේ මේ ඉන්න නිලධාරීන්ගේ ඔල්මොරොන්දම් තීරණ කියලයි මම නම් දකින්නේ.
මම හැකි උත්සාහයක් කරනවා මේක විකාශනය කරවන්න නමුත් මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයක් තමයි උදාවෙල තියෙන්නේ.
සබැඳි පුවත්