චරිතාංග රංගන ශිල්පියකු සහ කලාකරුවකු වන හේමසිරි ලියනගේ මහතා විසින් කලා ක්ෂේත්රය සඳහා කරන ලද සේවය යනු අනුපමේය එකකි.
ඔහු විසින් දශක හයකට වැඩි කාලයක් තුළ කලා ක්ෂේත්රය වෙනුවෙන් කරන ලද සේවාව ඇගයීමේ උළෙලක් දෙසැම්බර් මස 16 දින සවස 5.00ට කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට සංවිධානය කර තිබේ.
හේමසිරි ලියනගේ මහතා රංගනයෙන් දායක වූ චිත්‍රපට තුනක් එහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර හේමසිරි ලියනගේ ප්රත්යාවලෝකනයද පැවැත්වේ.
ඔහු විසින් රචනා කරන ලද නාට්‍ය කෘති ත්‍රිත්වයක් ප්‍රකාශයට පත් කෙරෙන අතර 1965දී රචනාකොට නිෂ්පාදනය කළ නාඩගම් හෙවත් සුදු ඇතා ආවාට පස්සේ, 1970 චූලෝදර මහෝදර සහ 1975 නරියා සහ කේජු යන නාට්‍ය පිටපත් මෙම ග්රන්ථයට ඇතුළත් වේ.
හේමසිරි ලියනගේ මහතා රඟපාන උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා (පෙරවරු 10.30), ප්‍රසන්න ජයකොඩිගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා (පස්වරු 1.30), අශෝක හඳගමගේ චන්ද කින්නරී සිනමා පටය (සවස 7.00) ප්‍රදර්ශනය කෙරේ.