මාතර ආච්චි චිත්රපටය වෙනුවෙන් 'සඳකඩපහණක' ගීතය ගායනා කරන විට තමන් පාසලේ පමණක් සංගීතය හදාරා තිබූ බව විශාරද සුනිල් එදිරිසිංහයන් පවසයි.
යූටියුබ් වැඩසටහනට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
තමන් අට දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ අතර තම දෙමව්පියන් සිය හැකියා මුලදීම හඳුනාගත් බව සුනිල් එදිරිසිංහයන් එහිදී ප්රකාශ කළේය.