මේ වසරේ ෂාරුක් ඛාන්ගේ බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටින තුන්වන චිත්රපටය 'ඩන්කි' දෙසැම්බර් 21 වැනිදා එළිදැක්වීමට නියමිතය.
රාජ්කුමාර් හිරානි විසින් අධ්යක්ෂණය කරන ලද මෙම චිත්රපටයේ තාප්සී පන්නු, විකී කෞෂාල් සහ බෝමන් ඉරානි ඇතුළු තවත් පිරිසක් රංගනයෙන් දායක වෙති.
ඩන්කිහි ට්රේලර කිහිපයක් සහ ගීත කිහිපයක් මේ වන විට නිකුත් වී ඇති අතර එය ඉහළ ප්රේක්ෂක ප්රසාදයකට ලක්වී තිබේ. එහි 'ඕ මාහි ඕ මාහි' අද (11) දිනයේ එළිදැක්වීමට නියමිතය.
ෂාරුක්ගේ තරු දීප්තිය සහ ඔහුටම ආවේණික පෞරුෂ ලක්ෂණ එම ගීතයේ බෙහෙවින් අන්තර්ගත වන බව මීට පෙර එම ටීසරයේ දක්නට ලැබිණි.