තමන්ට වඩා වයසින් වැඩි ජනප්‍රිය නර්තන ශිල්පිනී මලෛකා අරෝරා සමග ඇති ආදර සම්බන්ධයට අදාළව තමන් දෙදෙනාගේ වයස සැසඳීම ගැන බොලිවුඩ් නළු අර්ජුන් කපූර් ප්‍රතිචාර දක්වා තිබේ.
මලෛකා සමග බොහෝ කාලයක සිට ආදර සම්බන්ධයක් තිබෙන අර්ජුන් කපූර් පසුව නිල වශයෙන් සිය සම්බන්ධය විවෘත ලෙස සමාජ ජාලවල පළ කරන්නට ගැනීම පවා බොලිවුඩයේ ඇතැම් මාධ්‍ය ඔවුන් අපහසුතාවට ලක් කිරීමට හේතුවක් කරගැනිණි. මේ සියලු කාරණා ගැන අර්ජුන් පවසා තිබුණි.
"තමන්ගේ සම්බන්ධතා නිසා බලපෑමට ලක් නොවන පුද්ගලයෙක් නැහැ. හැබැයි ඒකෙන් පෙන්නන්නේ අනවශ්‍ය කමෙන්ට් දාන අයගෙන් පෙන්වන්නේ එම මිනිස්සුන්ගේ හැදීවැඩීම සහ සංස්කෘතිය. ඔවුන් ඒවායින් අවධානය දිනා ගැනීමට උත්සාහ කරන බව මම දන්නවා.
මුලදී මම මේවට උත්තර දුන්නා. ඉන්පසු මම මංමුලාසහගත මිනිසුන් මගේ අවධානය දිනා ගැනීමට ප්‍රතිචාර දැක්වීමෙන් ඉවත් වීම මම තේරුම් ගත්තා."
අර්ජුන් කපූර් මේ බව පවසා තිබුණේ 'කොෆී විත් කරන් වැඩසටහන'ට සහභාගි වෙමිනි.