අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන්ගේ දියනිය ආරධ්‍යා බච්චන් තමන් ඉගෙනුම ලබන ධීරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ උත්සවයක නාට්‍යමය අවස්ථාවක් රඟදැක්වීම මේ වන විට බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබේ.
ආරධ්‍යා මේ වන විට 12 වැනි වියේ පසු වන අතර ඇගේ රඟපෑම ඇගේ වයසට සරිලන ඉතා ඉහළ මට්ටමක වන බව බොහෝ දෙනාගේ අදහස වන අතර සිය දියනියගේ රඟපෑම් ඉතා ප්‍රීතියෙන් බලා සිටින අයිශ්වර්යා රායිගේ මුහුණද එහිදී අවධානය ගත් එකකි. අයිශ්වර්යාද දිගින් දිගටම සිය දියනියගේ රංගනය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිටියාය.
ආරධ්‍යාගේ පියා අභිෂේක් බච්චන්, සීයා අමිතාබ් බච්චන්, මිත්තණිය ජයා බහදුරිද ජනප්‍රිය නළු නිළියන් වේ.
බොලිවුඩ් නළුනිළියන්ගේ දූපුතුන් අතර ආරධ්‍යා ලජ්ජාශීලී දරුවෙකු බවට පෙන්වන වීඩියෝ මීට පෙර පළ කෙරුණද ඇය වේදිකාවේදී පසුබාන චරිතයක් නොවන බව ඇය ඔප්පු කර තිබේ.