ජාත්‍යන්තර කීර්තියට පත් බොලිවුඩ රංගන ශිල්පිනී අයිශ්වර්යා රායි තමන් වාසය කළ සැමියාගේ නිවස වන අභිෂේක් බච්චන්ගේ නිවස හැර ගොස් තමන්ගේ මව් වාසය කරන නිවසේ පදිංචි වීමට කටයුතු කර ඇති බව ඊයේ (16) ඉන්දීය මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබිණි.
ඇගේ සැමියා වන අභිෂේක් බච්චන්ගේ මව - පියා වන ජනප්‍රිය නළුනිළි යුවලක් වන ජයා බහදුරි සහ අමිතාබ් බච්චන්ගේ නිවසේ විවාහයෙන් පසුව කල් ගත කළ අයිශ්වර්යා ඇගේ දියනියද සමග බච්චන් පවුල් හැරගොස් ඇතැයි තහවුරු නොකළ පුවත් ඔස්සේ වාර්තා කර තිබිණි.
කෙසේ නමුත්, මේ දෙපාර්ශ්වය අතර කලක් තිස්සේ හෙළි නොකරන ලද විසංවාදී අදහස් හේතුවෙන් අයිශ්වර්යා - අභිෂේක් අතර දුරස්කමක් ඇති වී තිබෙන බවට පුවත් කිහිප වරක් පළ වූ අතර දෙදෙනාම පසුව ප්‍රසිද්ධියේ එසේ නොවන බව ඔවුන් විසින්ම තහවුරු කරනු ලැබිණි.
අයිශ්වර්යා යනු බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් මෙන්ම ලෝක ප්‍රසිද්ධ නිරූපණ තාරකාවක් වන අතර ලෝක රූ රැජනක වශයෙන් ඈ ලැබූ කීර්තිය මෙතෙක් කිසිදු නිළියකගෙන් ඉන්දියාවට හිමි වී නොමැත. නමුත්, ඇය සිය පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද ඉතා සංවේදීව කටයුතු කරන සාම්ප්‍රදායික ඉන්දීය ලක්ෂණද ඇති ශිල්පිනියක වේ. ඇයට ඇති මූල්‍ය වත්කම මෙන්ම නිවාස හිමිකම්ද බොහොමයක් වන නමුත්, ඇය කිසි විටෙක සැමියාගේ නිවස අතහැර ගිය බව මීට පෙර වාර්තා නොවුණි.
පෙර දිනකදී ධීරුබායි අම්බානි ජාත්‍යන්තර පාසලේ උත්සවයකදී අයිශ්වර්යා, අභිෂේක් එකට නර්තනයේ යෙදුන බවද ඉන්දීය පුවත් වාර්තා කර තිබිණි.