පතිරාජ සිනමාවේ සමීපතයෙකු වූ රංගනවේදී ලයනල් වික්‍රම ජීවිත රඟමඩලින් සමුගෙන තිබේ.
ජිවිතයෙන් සමුගන්නා විට ඔහු 77 හැවිරිදි වියේ පසු විය.
ධර්මසේන පතිරාජගේ 'ගඟුලෙන් එගොඩට' ටෙලි නාට්‍යයෙන් සිය රුපවාහිනී රංගන ජීවිතය ඇරඹි ලයනල් මහතා ඇල්ල ළඟ වලවුවෙන් ජනප්‍රිය විය.
සෝමසිරි දෙහිපිටියගේ ආරාධනාවෙන් තිස්ස අබේසේකරගේ 'කරුමක්කාරයෝ' චිත්‍රපටයේ රඟපෑ ඔහු ගාමිණි ෆොන්සේකාගේ සාගරයක් මැද සහ සක්විති සුවය චිත්‍රපටවලද පතිරාජගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේද රඟපෑවේය.
තාක්ෂණ නිලධාරියෙකු වශයෙන් සේවයේ යෙදී සිටි ඔහු අනතුරුව රංගනයට එකතු විය.
'බට්ටි' දීර්ඝ ටෙලි නාට්‍යයේ ඔහු 'ආටි හාමු' නමින් ප්‍රසිද්ධ විය. ධර්මසේන පතිරාජ, දයා තෙන්නකෝන් සහ ලයනල් වික්‍රම මිතුරෝ වූහ. ඔවුන් එක්ව නිර්මාණකරණයේද යෙදුණි.දැන් ඒ මිතුරු සමාගම වැසී ඇත.
ඔබට සුබ ගමන්!
මිරර් ආර්ට්ස්හි සංවේගය ප්‍රකාශ කරමු!