ගජමෑන්, පද්මාවතී සහ සිරිබිරිස් නිමැවුම්කරු හෙවත් එම කාටුන් කතාමාලාවල නිර්මාතෘ වූ කැමිලස් පෙරේරා මහතා දිවි ගමනට සමුදුන්නේය.
මීගමුවේ උපත ලැබූවකු වන කැමිලස් පෙරේරා සිව් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් පුත්‍රයා විය. ඔහු රෝමානු කතෝලික සිංහල පාසල, මාරිස්ටෙලා සහ මීගමුව ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෙකි. කැමිලස් පෙරේරා මුලින්ම චිත්‍ර කලාවට යොමු වූයේ පහළ පන්තිවලදීය. ඔහු මීගමුවේ ජුපිටර් පාපන්දු සංගමයට නායකත්වය දෙමින් නව යොවුන් වියේදී ක්‍රීඩකයෙකු ලෙස කෙටි කලක් වෘත්තීය ජීවිතය ගත කළේය.
1966දී ඔබ්සර්වර් පුවත්පතේ "දැක්කොත් පද්මාවතී" චරිත නිර්මාණය කරමින් කාටූන් ශිල්පියෙකු ලෙස වැඩ ආරම්භ කළේය. 1972දී ඔහු ඔහුගේ ජනප්‍රියම චරිතය වන 'ගජමෑන්' නිර්මාණය කළේය. ගජමෑන් ප්‍රථම වරට ලේක්හවුස් චිත්‍ර කතා ප්රකාශනයක් වූ සතුට චිත්‍ර කතා පුවත්පතේ පළ විය .
අනතුරුව එය 1975 සිට 1984 දක්වා සිත්තර චිත්‍ර කතා පුවත්පතේ පළ විය.
කැමිලස්ගේ පද්මාවතී, ගජමෑන්, සිරිබිරිස්, දොන් සේතන්, කැමිලස්ගේ සමයන් වැනි කාටුන්ද වඩාත් ජනප්‍රිය ඒවා විය.
පසුගිය වසරේ ගජමෑන් නමින් කාටුන් චිත්‍රපටයක් තිරගත වූයේ ශ්‍රී ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය වශයෙනි.
කැමිලස්ගේ කාටුන් දේශපාලනිකය. ඔහු ජනතාවගේ පසින් සිට බොහෝ දේ කුඩා කාටුනයකින් පැවසීය.
ගජමෑන්ට 2023ට අවුරුදු 59ක් වන අතර ගජමෑන් නිර්මාතෘ කැමිලස්ට අවුරුදු 84කි.
ගජමෑන්, සිරිබිරිස්, පද්මාවතී නිමැවුම්කරුවාණනි, ඔබට සුව නින්දක්!
මිරර්ආර්ට්ස්හි බලවත් සංවේගය!