විරාට් කෝලි ඉන්දියාවේ ජනප්රිය චරිතයක් වන්නේ ක්රිකට් නායකයෙකු වීම හෝ බොලිවුඩ් නිළි අනුශ්කා ශර්මාගේ සැමියා වීම හේතුවෙන්ම පමණක් නොවේ.
ඔහු නිතරම ළමා දරුවන්ගේ සහ විපතට පත් වූ අයගේ සුභසාධනය ගැන දක්වන ලැදියාව හේතුවෙනි.
මේ මීට වසර කිහිපයකට පෙර කෝලි නත්තල් සීයා හැටියට හැඩගැන්වී කුඩා දරුවන් පිරිසක් වෙත තෑගි රැගෙන ගිය අවස්ථාවක් ගැන වීඩියෝවකි.
එහිදී නත්තල් සීයා හැටියට කෝලි පවසන්නේ "මම දන්නවා ඕගොල්ලෝ බොහොම දඟ ළමයි බව. ඒත් නත්තලේදී හැමෝටම තෑගි ලැබෙනවා." යනුවෙනි.