මෑතකදී විවාහප්‍රාප්ත වූ ජනප්‍රිය බොලිවුඩ් නළු රන්දීප් හූඩාගේ විවාහ මංගල්‍යයෙන් පසුව ක්ෂේත්රයේ නළු නිළියන් වෙනුවෙන් පැවැත්වූ උත්සවයේදී අවධානය යොමු වී තිබුණේ විවාහ වූ යුවලට වඩා වෙනත් යුවලක් ගැනය.
ඒ මෑතකදී එළිදැක්වුණ 'The Lust Story 2' හි රඟපාන තමන්නා භාටියා සහ විජේ වර්මා වෙතය.
දෙසැම්බර් 11 වෙනිදා රාත්‍රියේ රන්දීප් හූඩා සහ ලින් ලයිෂ්රාම්ගේ විවාහ උත්සවයට සිනමා ක්ෂේත්රයේ බොහොමයක් සහභාගි වුවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ එකට බොහෝ තැන්වල දකින්නට ලැබෙන මේ යුවල වෙතය.