ජයග්‍රහණය අභියස ඇගේ උපන්බිම ගැන කිල්මිශා යසසායි ඊයේ (17) රාත්‍රියේ සිය සමාජ මාධ්‍ය ගිණුමක මෙසේ සඳහන් කර සිටියාය.
කිල්මිශා යනු ලාංකික්යෙකු වශයෙන් තම රටේම දිවි ගෙවමින් ඉන්දියාවේ ජනප්‍රිය සරිගමප ලිට්ල් චෑම්ප් වැඩසටහනට සහභාගි වී ජයග්‍රහණය ලබා ගත් පළමු විදේශිකයා වේ. ඇය ඇගේ උපන්බිමට ආදරය දක්වන දැරියක් බව කිල්මිශාගේ වදන්වලින් ඇය ජයග්‍රහණය ලැබීමට පෙර මොහොතකද කියා සිටියාය.
"මෙය මගේ බිම වෙනුවෙනි.
මගේ ජයග්‍රහණය කැප කරන්නේ ඒ බිම වෙනුවෙන් දිවි පිදූ අය වෙනුවෙනි.
මම සැමදා ඔබේ දරුවෙකි."