"අපි සෑම අවුරුද්දකම එකම ආහාරය උයනවා, මම එයට ආස කරන නිසා ඒ වෙනුවෙන් වසර පුරාම බලා ඉන්නවා." ලෝක ප්රසිද්ධ ගායිකා ජෙනිෆර් ලෝපෙස් සිය නත්තලේ ආහාර වේල ගැන පවසන්නේ එසේය.
සිය පවුලට ප්රධාන ආහාර උරුම වට්ටෝරු හතර ගැන පවසමින් ඒවා සකසා ගන්නා ආකාරය ඇය පසුගියදා 'ඊටින් වෙල්' වෙබ් අඩවියට පවසා තිබිණි.
සංවාදය අතරතුර සිය මීළඟ ගීත ඇල්බමය ගැන සඳහන් කළ ජෙනිෆර් තමන්ගේ ප්රියතම කෙටි ආහාරය වන හැම් සහ චීස් මැදි කළ රෝල් කළ ආහාරයක් වන ගැන සිහිපත් කළ බව එහි සඳහන් වේ.
කෙසේ නමුත්, ඇය සෑම වසරකදීම නත්තල එනතුරු බලා හිඳින අතර එහිදී ලැබෙන නිවාඩුව තමන් වසරක් පුරා බලා හිඳින ආහාර රස විඳීමද එහි අංගයක් බව ජෙනිෆර් පවසන්නීය.
https://www.eatingwell.com/article/8016358/jennifer-lopez-favorite-puerto-rican-christmas-recipes/
පැස්ටල්
කෙසෙල් කොළයෙන් එතූ මඤ්ඤොක්කා පිටිවලින් තැනූ පිෂ්ඨය මිශ්රණයෙන් සහ ඌරු මස් වලින් පිරවූ පරිපූර්ණ ආහාරයක් බව හැඳින්වේ.
Arroz con Gandules
මෙයද පරෙවි ඇට නම් ඇට වර්ගයත්, සහල්, නැවුම් ඖෂධ පැළෑටි සහ ඌරුමස් මිශ්රිත ආහාරයකි.
පර්නිල්
පැඟිරි, විනාකිරි, තෙල්, ළූණු, සුදුළූණු, ගම්මිරිස්, ඖෂධ පැළෑටි සහ කුළුබඩු සමඟ පේස්ට් කර, උඳුනක බේක් කළ ඌරුමස් ගාත වේ.
කොකිටෝ
මෙම ක්රීම් ගතිය සහිත පොල් කොක්ටේල් වට්ටෝරුවකි. පානය කිරීමට දිනකට පෙර සාදනු ලබන බීම වර්ගයකි.