ප්රීටි සින්ටා මීට කලකට පෙර ඉන්දියාවේ කාර්යබහුලම නිළියක හැටියට කාර්යබහුල වුවත් මේ වන විට ඇය බොහෝ කාර්යබහුල වී හිඳින්නේ තමන් සම හිමිකාරීත්වය දරණ ඉන්ඩියන් ප්රිමියර් ලීග් හි ඉදිරි කටයුතු හේතුවෙනි.
ඒ අනුව පසුගියදා ඇය එහි ක්රීඩකයින් සඳහා ලංසු තැබීමේ අවස්ථාවටද සහභාගි වූවයා.
මෝහිත් බර්මන්, කරන් පෝල් සහ නෙස් වාඩියා කණ්ඩායමේ අනෙකුත් සම හිමිකරුවෝ වෙති. කෙසේ නමුත්, රසික ආකර්ෂණය, නිළියක ලෙස වන ජනප්රියතාව සහ සම හිමිකරුවන් අතර එකම කාන්තාව වීම හේතුවෙන් ප්රීටි වෙත තරඟාවලියේ අංශ ගණනාවක අවධානය හිමි වී ඇත.