රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී රාජ්‍ය නාට්‍ය උලෙළ උත්සව සභාව අමතමින් විෂය භාර ඇමති විදුර වික්‍රමනායක මහතාව දැඩි ලෙස විවේචනය කිරීම විශේෂ සිද්ධියක් විය.
"ප්රජාතන්ත්රීය ආණ්ඩුක්‍රමයක් තියෙනවා කියන මේ මව්බිම මත, අපේ නාට්‍ය කේෂේත්රයේ හදගැස්ම දන්නේ ඒ කේෂ්ත්‍රයේම නියැලී සිටින අපි. ඒ දැනුම අනුව විදේශයන්හි අපේ මව්බිමේ නාමය සටහන් කළ කලාකරුවන් තිදෙනෙකුට හා කලාකාරියකට ඇගයිම් සම්මාන ලබාදීම සුදුසුයි කියලා අපි යෝජනා කළා. එසේ තිදෙනෙකු යෝජනා කළේ, මීට පෙර එලෙස ලබා දී තිබූ බව දැනගෙනයි. නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාට 2023 දෙසැම්බර් 11 වෙනිදා ලිපියක් යවලා එක් අංශයකට එක් සම්මානයක් දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙන නිසා ඔහුට හිමිවිය යුතු සම්මානය ලබන අවුරුද්දේ දෙනවා කියලා.
කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ? මේ ගැන විමසීමේදී දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණේ ඇමතිතුමාගේ නියෝගයක් අනුව වෙනස සිදු කළ බවයි. මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නෙමෙයි. මේ ලෝකේ කොහේදීවත් සිදු වුණා කියලා මම අහලා නෑ. මේක නාට්‍ය කලාවට මෙහෙවරක් කළ කලාකරුවෙකුට කළ අගෞරවයක්. සදාචාරයට පටහැනි දෙයක්. මකා දැමිය නොහැකි කිළුටක්. ඇමතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් ගැලපෙන ආකාරයට තීරණ හිතුමතේ වෙනස් කරන්න පුළුවන්නම් මම සහ අපි, මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ.
මේ නිසා මම මේ වේදිකාවෙන් පහළට බසින මොහොතේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපතීත්වයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉවත්වෙනවා. මට කරන්න දේවල් තියෙනවා. මට එළියට බැහැලා නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මට ජනතාව අතරට යන්න පුළුවන්."
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පෙරේදා (19) මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේදීය.