සිතිජ මාලිමා අර්ජුමාන් පසුගියදා (22) සිය ගම්මානය වන වැලිගම්පිටියේදී නත්තල වෙනුවෙන් පැවැත්වුණ ප්රසංගයට සහභාගි විය.
අර්ජුමාන් බෙහෙවින් ජනප්රියත්වයට පත් වූ 'කනත්ත පාර' ගීතයට පාදක වූ ඔහුගේ ගම්මානය වන වැලිගම්පිටිය සහ එහි දේවස්ථානය නත්තල උත්කර්ෂවත්ව සමරන සැහැල්ලුවෙන් මෙන්ම ගෞරවනීය මිනිසුන් වෙසෙන ගම්මානයක් ලෙස ප්රකටය.
මේ වටපිටාවට අවධානය ලැබීමට හේතු වුණ අර්ජුමාන්ගේ ගීතය නත්තල් පරිසරයකදී සිය ගම්මානයේ පිරිසක් අතර ඔහු ගායනා කලේ පළමු වතාවටය.
වැලිගම්පිටිය සාන්ත ආනා දේවස්ථාන භූමියේ මෙම ප්රසංගය පැවැත්විණි.