දිනිති වල්ගමගේ යනු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක වුවත් ඇයගේ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් බොහෝ විට තමන් ප්‍රිය කරන රසිකයින්ට වඩා තමන් විවේචනය කරන ප්‍රජාවක් බෙහෙවින් ඈ වටා ගොනු කර ගැනීමට සමත් වූ රංගන ශිල්පිනියකි.
පසුගියදා දිනිති වඩාත් අවධානයට ලක් වූයේ තමන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය කිරීමේදී සිය අත්දැකීම් මෙන්ම සිය නිවසේ කුඩා කල සිට දකින්නට ලැබුණු සම්මාන ගැනත් තමන්ට හිමි වූ සම්මාන ගැනත් කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ පැතිරී යාමට පටන් ගැනීම හේතුවෙනි.
මෙය බොහෝ සමාජ මාධ්‍ය ජාලවල උපහාසයට ලක් වී තිබූ අතර එහිදී දිනිතිගේ නමට පවා අපහාස වන පරිදි පමණක් නොව ඇගේ ප්‍රතිරූපයටද හානි වන පරිදි විවිධ තරාතිරමේ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබිණි.
දිනිතිගේ ප්‍රතිභාව සම්බන්ධයෙන් හෝ ඇගේ රඟපෑම් ගැන කතා කිරීමට වැදගත් යමක් තිබුණත් නොමැති වුවත් රංගන ශිල්පිනියක වශයෙන් ඇයට මෙවන් ප්‍රතිචාර හිමිවීම සමාජයේ තවත් එක් මානසික පැතිකඩක් නිරූපණය කරන සිදුවීමක් ලෙස ගත හැකිය. කිසිවෙකු කරන ප්‍රකාශයකට කිසිදු සම්බන්ධයක් නැති අපහාසාත්මක ප්‍රතිචාර දැක්වීම ශිෂ්ඨ සමාජයක හෝ රසිකයින්ගෙන් විය යුත්තක් නොවේ.
අනෙක් අතට දිනිති මෙන්ම ඕනෑම රංගන ශිල්පියෙකු හෝ කලාකරුවකු තමන් ආමන්ත්‍රණය කරන සමාජයට වඩා තමන් නියෝජනය කරන ප්‍රේක්ෂකාගාරය ගැන අවධානය යොමු කිරීමේ වැදගත්කමද මෙම සිදුවීමෙන් ප්‍රකාශ වේ.