අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු රෙක්ස් කොඩිප්පිලි මහතාට සිදු වූයේ හදිසි මරණයක් බවත් ඔහු කාලයක් රෝගාතුරව සිටි බවට වන ප්‍රචාර අසත්‍ය බවත් ඔහුගේ දියනිය සහ ප්‍රවීණ සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක පවසයි.
සිය පියා නින්දේදී මිය ගොස් සිටි අතර ඔහු බොහෝ කාලයක් රෝගාතුරව සිටි බවට පුවත් මවමින් කලා ක්ෂේත්රයේ කිසිවෙකුට ඔහුගේ මරණයට නොඑන්නැයි පවුලේ අය තහනම් කර ඇති බවට ප්‍රචාර නිකුත් කරන පාර්ශ්ව ගැන හෙළිදරව්වක් එහිදී සිදු විය.
රන්ජන් රාමනායක, අංජුලා රාජපක්ෂ ඇතුළු නළු නිළියන්ද රෙක්ස් කොඩිප්පිලිගේ දරුවන්ද ඔහුගේ ජා-ඇල නිවසේ සිට මේ බව ප්‍රකාශ කළේය.
ඩිජිටල් ලෝකය තුළ නැරඹුම් වාර ගණන සැපිරීමෙන් ලබාගන්නා සාර්ථකත්වයක් තිබෙන නමුත්, ප්‍රවීණ රංගධරයකු සමුගත් මොහොතක කසළ ගොඩවල් වැනි පුවත් නිර්මාණය කර ලබාගන්නා නැරඹුම් වාර ගණනින් පෙන්වන්නේ ඕනාම අයකුගේ හෘදසාක්ෂියේ පිරිහීම යැයි අපි විශ්වාස කරමු. අනෙක් අතට කිසියම් ආරංචියක් තිබේ නම් එය ස්ථිර කරගැනීමේ ආචාරධාර්මිකභාවය ජීවිතයෙන් උගෙන ගත නොහැකි නම් වෘත්තීය ජීවිතයෙන් උගැනීම සදාචාරාත්මකව සාර්ථක වන අයකුගේ ලක්ෂණයක් වේ.