ජ්‍යෙෂ්ඨ රංගවේදිනියක වූ සිනමා නිළි උදුලා දාබරේ අවුරුදු 87ක් ආයු සපුරා ඊයේ (26) දින සිය ජීවිත ගමන අවසන් කළාය.
සිංහල සිනමාවේ අමතක නොවන චිත්‍රපට නම් අතර ඉහළින්ම තිබෙන 'කැලෑ හඳ' රඟපෑ සුළු චරිතයකින් සිනමාවට පිවිසි උදුලා දාබරේ කුඩා කල කරුණාරත්න අබේසේකරයන්ගේ යොමු කිරීමෙන් 'වරද කාගෙද' චිත්‍රපටයේ විකට චරිතයක් රඟපාමින් ජනප්‍රිය වූවාය.
දුප්පතාගේ දුක, නළඟන, ස්විනීත ලාලනී, දරුවා කාගෙද, සීගිරි කාශ්‍යප, සුරයන්ගේත් සුරයා චිත්‍රපටවල කැපී පෙනෙන චරිත රඟපෑ තනිකඩව ජීවත් වීම තෝරාගත් ජ්‍යෙෂ්ඨ නිළියකි. 2004 වසරේ තිරගත වූ 'රන් දිය දහර' චිත්‍රපටයේ ගීතා කුමාරසිංහගේ මව ලෙසින් ඇය සිය රංගනය අවසානයටම සිදු කළාය.
ඇයගේ දේහය ඊයේ (26) සිට පොල්ගස්ඕවිට, කිරිගම්පමුණුව, ගෝල්ඩන් මෙඩෝව්ස් නිවාස සංකීර්ණයේ අංක 32/97 දරණ ස්ථානයේ අද (27) සවස 4.00 දක්වා තැන්පත් කර තිබේ.
උදුලා දාබරේ සිනමා ශිල්පිනියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
මිරර් ආට්ස් අපි ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!