කුශ්බු සුන්දර් යනු නාඛාත් ඛාන් ලෙස ඉපිද පසුව කලා කටයුතු හේතුවෙන් සිය නාමික වශයෙන් සිය අනන්න්යතාව පසුව වෙනස් කිරීමට ලක් වූ කොලිවුඩයේ නිළියන් අතර මීට පෙර පරපුරක ආකර්ෂණීය නිළියකි. වර්තමානයේ ඉන්දීය කලා ක්ෂේත්රයේ විවිධ අංශ, දේශපාලන චරිතයක් ලෙස ප්රසිද්ධ වුවද ඇය ජනප්රිය වන්නේ දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් සහ හින්දි චිත්රපටවල රඟපෑම හේතුවෙනි.
මුම්බායිහි උපන් ඇය කුඩා කල සිටම කලා කටයුතුවලට සම්බන්ධ වී වර්තමානයේ චෙන්නයිහි වාසය කරන්නීය.
ඉන්දීය දෙමළ සිනමාවේ ජනප්රිය නළු සිවාජි ගනේශන්ගේ පුතු සහ ජනප්රිය නළු ප්රභූ සමග පැවති ආදර සම්බන්ධය හේතුවෙන් විවාහ වූ ඇය පසුව සිවාජි ගනේශන්ගේ විරෝධය හේතුවෙන්ම කෙටි විවාහයකට නැවතුම තබා වර්තමානයේ ජනප්රිය නළුවකු වන, අධ්යක්ෂක සහ නිෂ්පාදක සුන්දර් සමග විවාහ වී සිටින්නීය.
මීට වසර කිහිපයකට පෙර ඉන්දීය දේශපාලනයට එක් වූ ඇයට සිය සැබෑ නම වසන් කළ බවට විරුද්ධ දේශපාලන පාර්ශ්වවලින් චෝදනා එල්ල විය.
ළමා කලාකාරිනියක ලෙස හින්දි චිත්රපටවල රඟපෑ ඇය ඇගේ රංගනය ඇතුළත් සමහරක් ළමා ගීත දැනුදු ඉන්දියාවේ වාදනය වේ.
රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූවාක් මෙන්ම දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසුව ඇය යළි සිනමාවට පැමිණියේ 2021දී ඇය රජිනිකාන්ත් සමඟ අන්නත්තේ චිත්රපටයෙනි.
වර්තමානයේ නිළියකට වඩා සමාජයේ කීර්තිමත් අවස්ථා වෙනුවෙන් ආරාධනා ලබන ඇය බෙහෙවින් ජනප්රිය වී ඇත්තේ සිය කලා කටයුතුවලදී සිය පියා ඇයව චිත්රපට නිශ්පාදකවරුන්ට අලෙවි කටන්නට උත්සාහ කළ බව කියන ප්රකාශයත් සමග වේ.
බර්කා දත්ගේ 'ඉන්සයිඩ් අවුට්' වැඩසටහනේදී තම පියා ගැන අනාවරණ රැසක් කර තිබිණි. රැයකට රුපියල් 25,000ක මුදලක්ට අවුරුදු 16දී ඇය අලෙවියට උත්සාහ කළ බව කුෂ්බු පවසා තිබිණි. ඩීඑම්කේ, භාරතීය ජනතා පක්ෂය සහ සිය දේශපාලන ගමන ගැනද එහිදී ප්රකාශ කරන්නීය.