රාහා කපූර් යනු බොලිවුඩයට සම්බන්ධ ඉදිරි පරපුරේ නම් අතර අලුතින්ම කියවෙන්නට පටන්ගත් නම් අතර නමකි.
රාහා ජනප්‍රිය වන්නේ ආලියා භට් සහ රන්බීර් කපූර්ගේ දියණිය හේතුවෙන් පමණක් නොව බොලිවුඩ් සිනමාවේ පුරාවෘත්තයක් වන රාජ් කපූර්ගේ පවුල් ගසේ රාහා එක් අංශයක් වීම හේතුවෙනි.
රාහාගේ පියා රන්බීර් යනු රාජ් කපූර්ගේ මුණුබුරකු වන අතර ආලියා යනු ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළ මහේශ් භට්ගේ දියනිය වේ.
මේ පවුල් දෙක බොලුව්ඩය තුළ සෑම අතින්ම ස්ථාවර මෙන්ම සෑම අංශයක්ම සිනමාවට සම්බන්ධ වීමට වඩා රාහා ගැන අවධානය යොමු වූයේ ඇයගේ අවුර්ද්දක් වයස පිරුණු මුහුණ පසුගිය නත්තල් දින කපූර් පවුලේ සාදයේදී මාද්‍යයට දැකීමට අවස්ථාව යොමු වීම හේතුවෙනි.
ඇය බොහෝ විට සිය සීයා වන රිසී කපූර්ගේ පෙනුමට සමාන බව බොහෝ අය මෙන්ම ආලියාද පවසා ඇති බව මාධ්‍ය පසුව වාර්තා කර තිබිණි.