ලෝක ප්රසිද්ධ ගායිකා ශකීරා වෙනුවෙන් අඩි 20ක් උසැති ප්රතිමාවක් ඉදිකර තිබේ.
කොලොම්බියානු ජාතික පොප් තරුවක් වන ඇගේ මෙම පිළිරුව ඇගේ සුප්රසිද්ධ නර්තන විලාසය පෙන්වන 'බෙලී' නර්තන ඇඳුමකින් නිරූපණය කර ඇත. උකුල දකුණතට බර වී පැද්දෙන විලාසයක් පෙන්වන අතර ඇගේ දෑත් අලංකාර ලෙස අහස ඔසවා තිබේ.
බොගෝටා, කොලොම්බියා සම්භවයක් සහිත ශකීරාගේ පිළිරුව ඇගේ ගම වන කොලොම්බියාවේ බැරන්කිලාහි ඉදිකර තිබේ. යෝධ ලෝකඩයෙන් ප්රතිමාව නිමවා තිබේ.
පෙරේදා (26) දින පැවැත්වුණ කුඩා උත්සවයකදී මෙම ප්රතිමාව නිරාවරණය කෙරුණු අවස්ථාවට ෂකීරාගේ දෙමාපියන් සහ නගරාධිපති ජේමි පුමරේජෝ සහභාගි වී තිබිණ.
මෙම ලෝකඩ ප්රතිමාව ශකීරා වෙනුවෙන් ඉදි කළ පළමුවැන්න නොවන අතර කැරිබියන් නගරයේ පළමු ශකීරා ප්රතිමාව මීට පෙර 2006 වර්ෂයේදී ඉදි කෙරිණි. එම ප්රතිමාව ගිටාරයක් වාදනය කරමින්, ජීන්ස් සහ බූට් පැළඳ සිටින ඇගේ වෙනත් විලාසයක් නිරූපණය කරයි. එය බැරන්කිලා දේශීය පාපන්දු ක්රීඩාංගණයේ දොරටුව අසල පිහිටා තිබේ.
බැරන්කිලාහි කලා ඇකඩමියේ මූර්ති ශිල්පී ඉනෝ මාකේස් සහ ඔහුගේ සිසුන් මේ සඳහා මූලික වී ඇති අතර ශකීරාද X නිවේදනයකින් මේ සඳහා ස්තුති කර තිබිණි.