අලුතින්ම විකාශය ඇරඹූරසික සුරවීරආරච්චි රචනා කළ, ජනප්‍රිය ටෙලි අධ්‍යක්ෂක සුපුන් රත්නායකගේ ටෙලිනාට්‍යය 'තත්පරයක් දෙන්න'හි රඟපාන රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දුගේ රඟපෑම් ගැන සෑම අතින්ම ප්‍රශංසා පළ කෙරෙමින් තිබේ.
මෙය නාමල් ජයසිංහ නිර්මාණය කළ 'සහෝදරයා' ටෙලිනාට්‍යය තරමටම ඇබ්බැහියක් වීම පිණිස තරින්දිගේ රඟපෑම්ද බෙහෙවින් ඉවහල් වන බව බොහෝ දෙනා අදහස් පළ කර තිබිනි. තත්පරයක් දෙන්න සෑම සති අන්තයකම රාත්‍රී 8.30ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ.
ඈ ගැන පළ වූ එක් සටහනක් පහතින් පළ කෙරේ.
නාමල් ජයසිංහ සර්ගේ සහෝදරයා ටෙලි නාට්‍යයෙන් පස්සේ, අවසානය තවමත් නොදැනම ඇබ්බැහියක් බවට පත් වුණු විශිෂ්ටතම ටෙලියක් විදිහට මේ දිනවල විකාශනය වන "තප්පරයක් දෙන්න " ටෙලිනාට්‍ය මට දැනෙනවා.
සාමාන්‍යයෙන් ලංකාවේ නිෂ්පාදනය වුණු බොහොමයක් ටෙලිනාට්‍ය වල / චිත්‍රපටවල ගැහැනියක් මූලික වුන නිර්මාණ බිහි වුණේ ප්‍රේමය කියන වපසරිය තුළ පමණයි.අන්න ඒ සීමාවෙන් ඔබ්බට ගැහැනියක් ගෙන ගිය ආකාරයෙන්, "තප්පරයක් දෙන්න " තුළ සුපුන් රත්නායක අධ්යක්ෂවරයා අති සාර්ථකයි කියලා මං හිතනවා.
මේ සමාජ අසාධාරණයන්ට පා පහරක් එල්ල කරන්න ගැහැනියක් තෝරා ගත්ත එකට මං කැමති. ඒ දරුණු නමුත් පිළිකුල්සහගත යතාර්ථය එක්ක ගැහැනියකට ගැටෙන්න සැලැස්සුවාට මං කැමති.
ඊටත් පස්සේ ටෙලියේ චරිත.පූජනී - ජාලිය. ඒක පුදුමාකාර තරම් පර්ෆෙක්ට් කම්බිනේෂන් එකක්.විජය- මාලිනී ලෙවල් එකේ කම්බිනේෂන් එකක් තරමටම ඒ රංගනය , ඒ ගැළපීම හැම අතින්ම පරිපූර්ණයි. පූජනී -ජාලිය චරිත ද්විත්වයේම සාර්ථකත්වයට ඒ අනෝන්‍යය ගැළපීම ඉවහල් වෙලා තියෙනවා කියලා මං හිතනවා.
අපි මෙතෙක් කාලයක් බිහි වුණු නිර්මාණ තුළින් නොදැකපු, නොහිතපු තරමටම සර්ව සාධාරණත්වයක් තරින්දි පූජනීට ලබා දෙනවා.ඇයගේ රංගනයේ කුසලතාවය හරියටම පිළිබිඹු වුනේ පූජනී කියන චරිතය ඔස්සේ කියලා දැනෙනවා.ශ්‍යාම් ප්‍රනාන්දු , ශලිනි තාරකා, දමිතා අබේරත්න , රොජර් සෙනෙවිරත්න , උපේක්ෂා, සේමිණී ඉද්දමල්ගොඩ, මාදනී මල්වත්තගේ.මේ එකී නොකී සියලූම රංගන ශිල්පී ශිල්පිණියන් ඒ ඒ චරිත ඇතුළේ ජීවත් වෙනවා .මේ ටෙලියක් කියලා අමතක කරවන තරම් සජීවී රංගනයක් ඒ හැම චරිතයකම පාහේ ගැබ්වෙලා තිබෙනවා.
මේ නාට්‍යය අවසන් වෙනකොට අනූව දශකයේ අපේ පරම්පරාවේ හදවත් වල රෝෂිණි සෙනරත්ට වඩා බ්‍රිජට් යන චරිතය රැදේවි. රොජර් සෙනෙවිරත්න තුළින් දේශපාලන අඳුර කෙරේ ඇතිවන වෛරී සහගත හැඟීම නිතැතින්ම ඇති වේවි. ඒ තරමටම ඔවුන් ඒ චරිත ජීවත් කරවනවා.
ඉතින් මට හිතනවා "සහෝදරයා" ට තවත් නිවුන් සහෝදරියක් බිහි වී ඇති බව.
"සහෝදරයා" අමරණීය වේවි.පූජනී පූජනීය වේවි !
- විමු රත්නායක සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනකි.