ලීනා ද සිල්වා දශක ගණනාවක් ලංකාවේ බොහෝ රසිකයින්ගේ ආදරය ගෞරවය දිනා සිටි රංගනවේදිනියකි. පසුගිය දෙසැම්බර් 01 වැනිදා ඇය මිය යන විට 87 හැවිරිදි වියේ පසු වූ අතර ඇගේ අවසන් කටයුතු ඇගේ දරුවන් වෙසෙන ඔන්ටාරියෝහිදීය.
ඇගේ ජීවිතයේ විවිධ සන්ධිස්ථාන රැගත් ආකර්ෂණීය කෙටි වීඩියෝවක් චතුරිකා අනුරාධා යූටියුබ් චැනලයේ පළ කර තිබිණි.