ගුණසිරි සිල්වා යනු ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ සිනමාවේදීන් අතර කිසිදින අමතක නොවන රස මුසු කාරණා සිය පන්හිඳ හැසිරවීමේ කුසලතාවෙන් ප්‍රමුඛතමයින් අතර අයෙකි.
ඔහුගේ වෘත්තීය ගමන් මගේ 50 වැනි විය සපුරන තෘපතිමත් මිනිසකු හැටියට ඔහු පසුගියදා සිය කෘති ගැන සිය සමාජ ජාල ගිණුමක සටහනක් තබා තිබිණි. නමුත්, වසර තුනකින් පමණ කිසිවක් නොලී බව සඳහන් කරමින් කිසියම් සාංකාවක් ඇති බවද සටහන් කර තිබේ.
ඔහු යළි ලිවිය යුතු බව අප පිළිගන්නා නමුත්, ගුණසිරි සිල්වා මහතා කළ මෙහෙය සියවසකට පවා ඇතිය. එහෙයින්, ඔහුගේ මෙම සටහන අපි මෙසේ පළ කරමු.
අඩ සතකයක මතක වත විලසය මදු විතක රස !
50 වසරක් ඉක්මවු මගේ කලා භාවිතාව තුළ වැඩ නොකළ වසරක් නැති තරම්!
කළ වැඩ දෙස අපසු හැරී බලද්දී මේ වෙනුවෙන් ජීවිත කාලයෙන් කොපමණ කාලයක්, මානසික ශ්‍රමයක් කැප කළාද , වෙන දෙයක් කරන්න කාලයක් ඉතිරි වුවාද යන්නත් ප්‍රශ්ණයක් !
එහෙත් 2021 න් පසු කිසිවක් අලුතින් ලියා පළ කරන්නට නොහැකිවීම පිළීබදව ඇත්තේ සාංකාවක් බඳු හැගිමක්!
1971 -
සිත්තරකුගේ ආදර කතාවක් (නවකතාව)
1972-
එළියක් නැති ගමනක් (කෙටිකතා)
1974
සුන්බුන්
පිටස්තරයෝ (ඒකාංග - නාට්‍ය)
1975
චාරයක් නැති මිනිහෙක් ගැහැනියක් සහ ඛෙදවාචකයක් (නවකතාව)
1976
සකුරා’ - සිනමා කලා සංග්‍රහය
1977
පූර්වෝක්තිය (කෙටිකතා)
1981
80 සිනමාව
1982
කැටපත’ සිනමා සංග්‍රහය
1984
තෙවසරක සිනමා සටහන්
1986
ජයවිලාල් විලේගොඩ සිනමා විචාර දෘෂ්ටිය පිළිබඳ විමර්ශනයක්
1988
87 සිනමාව
1989
ලාංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය
1991
සිනමා 88,89, 90
1992
ප්රතිරූප (සිනමාකරුවන් 18 දෙනකුගේ සිනමා භාවිතාව පිළිබද විමර්ශනයක්)
91 සිනමාව
1995
කරුණාසේන ජයලත් ගේ සිනමා විචාර විමසීමක්
1996
මනමේ විචාරය
1997
යුගාන්තය විවරණය
1999
එහෙම නොවුණු එහෙම දෙන්නෙක් (කෙටිකතා)
2000
කම්මැලි පුත්තු සහ රන්කාසි මුට්ටිය (ළමා පරි.)
2001
පුංචි ඈයො ලොකු වෙනවා ලොකු වෙනකොට හැඩවෙනවා (ළමා පරි
ඉවාන් කුමාරයාගේ අපූරු වික්‍රමය (යොවුන්. පරි.)
අපූරු කතා ( යොවුන් පරි.)
නරිහාමිට යස පාඩම ( යොවුන් පරි.)
2002
ඇවිදින්න ගිය සපත්තුව (ළමා පරි.)
2003
පිහාටු පෑන (56 පරපුරේ සමාජ චරිතාපදානය)
2004
සිරා ලියූ වැකි (ඇත්ත නතු වැකි)
2006
තිස් වසරක ලාකේය සිනමාවේ චින්තනය සහ භාවිතාව
2007
කෙරුම්කාරයින්ගේ ලෝකය( ජ්‍යෙෂ්ඨ පුවත් කලාවේදීන් 18 ගේ මාධ්‍ය භාවිතාව)
2009
සිරා සුරත් සහ ලාල් ලියූ වැකි (ඇත්ත කතුවැකි)
2010
නාහෙට නාහපු කාලේ
තාරකා මේඝයෙන් ඔබ්බට (ජ්‍යෙෂ්ඨ සිනමා රංගන ශිල්පීන් ගේ රංග විලාස විමසීමක්)
2011
කැඩපතට වෙඩි තැබීම
සමීප ආගන්තුකයා (නවකතාව)
2012
තිස් පස් වසරක විචාර භූමිකාව
2014
හායි මෙයාලා
(තීරු ලිපි)
2015
ජයවිලාල් - ජයලත්-සිනමා විච්ර විමසීමක්
අවිචාර සමය (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග)
2016
කෑම්එක වත්ත ( නවකතාව)
2017
ලාංකේය දේශපාලනයේ අර්බුද සහ අරගල
ඉවාන් කුමාරයාගේ විස්මිත වික්‍රම (යොවුන්. පරි.)
2018
තරු විනිවිද දුටු අදියුරු
ලාංක්ය සිනමාවේ වේදිකාවේ සමාජ දේශපාලන කතිකාව
2019
සරෝජනීලාගේ ප්‍රෙමය සමග රස මසවුළු ( තීරු ලිපි)
හිමරෝස කුමාරි සහ රුසියන් සුරංගනා කතා (යොවුන්. පරි.)
කැලෑ කොල්ලා සහ සුදු වැද්දෝ (යොවුන් පරි)
2021
නිරූපිකාවී (නවකතාව)