බිංදු බෝතලේගම නමැති නවක රංගන ශිල්පියාට ජනප්‍රිය ප්‍රවීණ ප්‍රහසන චිත්‍රපට නළු බන්දු සමරසිංහගේ රංගනය අනුකරණය කරන බවට චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් බිංදු බෝතලේගම අද (04) නිදොස් කොට නිදහස් කරනු ලැබිණි.
බිංදු බෝතලේගමගේ විශේෂත්වය වන්නේ ඔහු බන්දු සමරසිංහගේ හඬ සහ රඟපෑම් ඇතුළු රංගන ශක්‍යතා අනුකරණය කිරීමේ හේතුවෙනි. කෙසේනමුත්, පැමිණිලි පාර්ශ්වය මෙය හඳුන්වා තිබුණේ හඬ සහ රංගනය අනවසරයෙන් පිටපත් කර ඇති බවටය.
ඒ අනුව ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බිංදු බෝතලේගමට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ අදාළ නඩුව ගොනු කරන ලද අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී අද දිනයේ අදාළ තීන්දුව ලැබිණි.