දශක ගණනක ශ්‍රී ලාංකේය සිනමාවේ තවමත් ජනප්‍රිය නළුවා වන රන්ජන් රාමනායක පසුගියදා ඉන්දියාවේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදන සමාගමක් සමග සිය ඉදිරි චිත්‍රපටයේ කටයුතු ආරම්භ කිරීම සඳහා සූදානම් වෙමින් පවතී.
පොන්නියින් සෙල්වන් 1, 2, චන්ද්‍රමුඛී, දර්බර්, වඩා චෙන්නායි යනාදී ඉන්දියාවේ සහ ලෝකයේම අවධානය ගත් චිත්‍රපට නිෂ්පාදනය කළ 'ලයිකා ප්රඩක්ෂන්ස්' (Lyca Productins) සමග මෙම කටයුතු ආරම්භ කිරීමට එකඟතාව පවතින අතර මෙහි විශේෂත්වය වන්නේ 'ලයිකා' සිය මාමා වන විජය කුමාරතුංගගේ චරිත කතාව ඇසුරෙන් නිෂ්පාදනය වන චිත්‍රපටයට රන්ජන් සූදානම් වීමයි.
විජය යනු ලාංකේය සිනමාවේ රංගන කලාවේ සන්ධිස්ථානයක් වන අතරම ඔහු තරු ගුණය සිංහල සිනමාවේ පැතිරවූ ප්‍රමුඛතම නළුවා වේ.
එහෙයින් මෙය සිය මාමා වීම හා සමව දැවැන්ත පුරාවෘත්තයක් ජීවමාන කිරීමේ රන්ජන් රාමනායකගේද සිනමා දිවියේ සන්ධිස්ථානයක් වනු ඇත.
'ලයිකා' සමූහ ව්‍යාපාරයේ සභාපති අල්ලිරාජා සුබාස්කරන් - රන්ජන් රාමනායක හමුව සමගින් 'විජය චරිත කතාව' සිනමාපටයක් වනු ඇති බව තහවුරු කෙරෙයි. එහි නිල සටහනක් රන්ජන් රාමනායක ඔහු සිය ෆේස්බුක් ගිණුමේද පළ කර තිබිණි.
මෙම හමුව ශ්‍රී ලංකාවෙන් පිටත රියාද්හිදී සිදුව ඇති බව අනුමාන කෙරේ.
විජය යනු ශ්‍රී ලංකාවේ දෙවරක් ජනාධිපති ධුරය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආදරණීය සැමියා වේ.